විශේෂ අධීක්ෂණ වැඩසටහන යටතේ සුරාබදු වැටලීම් 3500ක්
April 19, 2018 06:06 am
උත්සව සමය තුළ ක්‍රියාත්මක කළ විශේෂ අධීක්ෂණ වැඩසටහන යටතේ දිවයින පුරා සුරාබදු වැටලීම් 3500 කට අධික සංඛ්‍යාවක් සිදුකර ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.
පසුගිය 09 වනදා සිට 15 වනදා දක්වා එම අධීක්ෂණ වැඩසටහන ක්‍රියාත්මක කෙරුණු අතර වැඩිම වැටලීම් සංඛ්‍යාවක් සිදුකර ඇත්තේ ප්‍රමාණය ඉක්මවා මත්පැන් ළඟ තබාගැනීම සහ මත්පැන් ප්‍රවාහනය සම්බන්ධයෙන් බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
මීට අමතරව නීති විරෝධී ලෙස මත්පැන් අලෙවි කිරීම, නීති විරෝධී ලෙස ස්ප්‍රීත්තු නිපදවීම මෙන්ම ගංජා සහ හෙරොයින් ළඟ තබාගැනීම සම්බන්ධයෙන් ද වැටලීම් සිදුකර තිබේ.
අදාළ වැටලීම්වලදී අත්අඩංගුවට ගත් සියලු සැකකරුවන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු යොදා ඇති අතර බලපත්‍රලාභී සුරාසැල්වල සිදුකර ඇති බවට වාර්තා වූ අක්‍රමිකතා සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටද කටයුතු කරන බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කළේය.