ආණ්ඩුවෙන් ඉවත් වූ ඇමතිවරු කොළඹදී සාකච්ජාවක
April 18, 2018 11:15 pm
එළඹෙන 23 වනදායින් අනතුරුව තම දේශපාලන කටයුතු ආරම්භ කිරීමට ජාතික ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැති ඇමතිවරුන් තීරණය කර තිබේ.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංගයේදී ඊට පක්ෂව ඡන්දය ලබාදුන් ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මැති ඇමතිවරුන් 16 දෙනෙකු ජාතික ආණ්ඩුවෙන් ඉවත්විමට පසුගියදා තීරණයක් ගත්තේය.
ඒ අනුව එම මැති ඇමතිවරු අතර සාකච්ඡාවක් අද(18) රාත්‍රී පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතාගේ නිවසේදී පැවැත්වුණි.
එම සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා මෙලෙස අඳහස් දක්වා තිබේ.