ඉරාන පාර්ලිමේන්තුවේ කථානායක දිවයිනට

ඉරාන පාර්ලිමේන්තුවේ කථානායක දිවයිනට

April 18, 2018   08:27 pm

දෙදින නිල සංචාරයක් සඳහා ඉරාන පාර්ලිමේන්තුවේ කථානායක අලී ලරිජානි මහතා දිවයිනට පැමිණ තිබේ.

අද(18) රාත්‍රී 07.10ට පමණ ඉරාන ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානයකින් ඔහු දිවයිනට පැමිණි බව කටුනායක ගුවන් තොටුපල අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.

ඉරාන කථාකනායකවරයා සමඟ 36 දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් ද දිවයිනට පැමිණ ඇත.

දිවයිනට පැමිණි ඉරාන කථානායකවරයා රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම් ෆවුසි මහතා විසින් පිළිගෙන තිබේ.

ඉරාන කථානායකවරයා හෙට(19) දිනයේ කථානායක කරූ ජයසුරිය මහතා මුණගැසී සාකච්ඡා කිරීමට නියමිත අතර ඉන් අනතුරුව අග්‍රාමාත්‍ය  රනිල් වික්‍රමසිංහ මහතා මුණගැසී සාකච්ඡා කිරීමට නියමිතයි.

දෙරට අතර පාර්ලිමේන්තු සබඳතා ඇතුළු විවිධ ක්ෂේත්‍රයන්හි සහයෝගිතාව පුළුල් කිරීම ඉරාන කථානායකවරයාගේ මෙම සංචාරයේ අරමුණ වී තිබේ.