රත්‍රං මිල ඉහළට

රත්‍රං මිල ඉහළට

April 18, 2018   04:29 pm






ආනයනික රත්‍රං මත සියයට 15 ක බද්දක් අය කිරීමට මුදල් අමාත්‍යංශය තීරණය කර තිබේ.

ඒ අනුව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට මෙය ක්‍රියාත්මක කෙරෙන බව මුදල් අමාත්‍යංශය සඳහන් කළේය.

කෙසේ වෙතත් මෙම බද්ද අය කරනු ලබන්නේ ආනයනය කරනු ලබන රත්‍රංවල වටිනාකම මත බවද මුදල් අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේය.