අමල් කරුණාසේකර යළි රිමාන්ඩ්

අමල් කරුණාසේකර යළි රිමාන්ඩ්

April 18, 2018   03:20 pm



අත්අඩංගුවට ගත් හිටපු හමුදා බුද්ධි අධ්‍යක්ෂ, ආරක්ෂක විද්‍යාපීඨයේ සේනාවිධායක විශ්‍රාමික මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර මහතා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඒ අනුව මේ සම්බන්ධයෙන් වන නඩුව අද ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගත් අතර එහිදී අතිරේක මහේස්ත්‍රාත් රෝෂිණි අබේවික්‍රම මහත්මිය සැකකරු යළි මැයි 02 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.

අද දිනයේ නීතිඥවරුන් අමල් කරුණාසේකර මහතාට ඇප ලබාදෙන ලෙස ඉල්ලීමක් කලද ඊට රජයේ නීතිඥවරුන් දැඩි විරෝධය පල කළ බව අද දෙරණ අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.

2008 වසරේ මැයි මස 22 වනදා දෙහිවල ප්‍රදේශයේදී මාධවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන යාමේ සිද්ධියට අදාළව ඊට ආධාර අනුබලදීමේ චෝදනා මත අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.