අනතුරින් තරුණ ජීවිතයක් මහ මඟ නවතී

අනතුරින් තරුණ ජීවිතයක් මහ මඟ නවතී

April 18, 2018   02:08 pm




මැදිරිගිරිය, මී ගස් වැව මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් තරුණයෙකු මියගොස් තිබේ.

යතුරුපැදියක් පැදිකරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලීසිය පැවසුවේය.

අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු මැදිරිගිරිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ මහතලාකොලවැව, දම්සෝපුර ප්‍රදේශයේ පදිංචිව සිටි 22 හැවිරිදි තරුණයෙකි.

අනතුර සම්බන්ධයෙන් මැදිරිගිරිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.