පළු ගස් කපලා තැනින් තැන ගොඩ ගහලා
April 18, 2018 10:58 am
වවුනියාවේ වෙල්ලාන්කුලම් ප්‍රදේශයේ කැළයේ එක් ස්ථානයක කිසියම් පිරිසක් විසින් අනවසරයෙන් කපන ලද පළු ගස් වල කදන් පණහක් පමණ තැනින් තැන ගොඩ ගසා තිබෙන බව වෙල්ලාන්කුලම් හා මඩුකුලම් යන ගම්මානවල වැසියෝ කියා සිටිති.
පළාතේ කැළයේ තිබුණු පළු ගස් විශාල ප්‍රමාණයක් මේ අන්දමට කපා තැනින් තැන ගොඩ ගසා ඇතත් ඒවා කපන ලද්දේ කවුරුන් විසින් ද යන්න සියළු දෙනාටම ප්‍රශ්නයක් වී ඇති බව ගම්වාසීන් කියා සිටියි.
මෙම වන විනාශය සිදු කළ පිරිස පිළිබඳව ගම්වාසීන් කිසිඳු තොරතුරක් නොදන්නා අතර මේ පිළිබඳව වෙල්ලාන්කුලම ග්‍රාම නිලධාරීවරයාට ගම්වැසියෝ දැණුම් දී තිබේ.
ග්‍රාම නිලධාරීවරයා පවසා ඇත්තේ එම පළු ගස්වල කදන් තොගය කිසියම් පිරිසක් විසින් රැගෙන යාමට පැමිණෙන තුරු බලා සිට ඔවුන් එසේ පැමිණි පසුව අත් අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරණ බවයි.
නමුත් ගම්වාසීන් කියා සිටින්නේ මේ පලු ගස් කපා දමා මේ වන විට මාසයකටත් වඩා වැඩි කාලයක් ගතවී ඇති බැවින් ඒවා රැගෙන යාමට කෙනෙකු පැමිණෙනු ඇතැයි සිතිය නොහැකි බවයි.