වාසනාව මත ‍වවුනියාව උතුර ප්‍රාදේශීය සභාවේ බලය දෙමළ ජාතික සන්ධානය හිමි කරගනියි

වාසනාව මත ‍වවුනියාව උතුර ප්‍රාදේශීය සභාවේ බලය දෙමළ ජාතික සන්ධානය හිමි කරගනියි

April 17, 2018   01:11 pm




වාසනාව උරගා බැලීම මත වවුනියාව උතුර ප්‍රාදේශීය සභාවේ බලය දෙමළ ජාතික සන්ධානය වෙත අද(17) හිමිවිණ.

වවුනියාව උතුර ප්‍රාදේශීය සභාවේ පළමු සභා වාරය උතුරු පළාත් පළාත් පාලන කොමසාරිස් පැට්‍රික් ඩිරන්ජන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වු අවස්ථාවේදී දෙමළ ජාතික සන්ධාන නියෝජිත කේ.තනිකාසලයම් මහතා වෙත වාසනාව උරගා බැලීම මත සභාපති තනතුර හිමවිය.

පළාත් සභාවේ සභාපති තේරීම වෙනුවෙන් පැවැත්වු ජන්ද විමසීමේදී දෙමළ ජාතික සන්ධාන නියෝජිත කේ.තනිකාසලයම් මහතා වෙත හා දෙමළ ජාතික විමුක්තිකාමි පක්ෂයේ නියෝජිත ජේ.ජෙයරූබන් නමැත්තා වෙත ජන්ද 11 බැගින් හිමිවු අතර, එහිදි වාසනාව උරගා බැලීම මත දෙමළ ජාතික සන්ධානයේ කේ.තනිකාසලයම් මහතා සභාපති තනතුර වෙනුවෙන් පත්විණ.

දෙමළ ජාතික සන්ධාන නියෝජිතයා ‍ වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය සහයෝගය පළ කළ අතර, දෙමළ ජාතික විමුක්තිකාමි පක්ෂයේ නියෝජිතයා වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ,  ශ්‍රී ලංකා නිදහස් පක්ෂය , ජනතා විමුක්ති පෙරමුණ සහයෝගය පළ කළහ.

ජන්ද විමසීමේදී දෙමළ සමස්ත ලංකා දෙමළ කොංග්‍රසයේ නියෝජිතයින්  හා එක්සත් ජාතික නිදහස් පෙරමුණ  නියෝජිතයින් ජන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකි සිටියහ.

වවුනියාව උතුර ප්‍රාදෙශීය සභාවේ ආසන 26 ක් පැවති අතර දෙමළ ජාතික සන්ධානය වෙත දෙමළ ජාතික සන්ධාන වෙනුවෙන් නියෝජිතයින් 08 දෙනෙකු,ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙත නියෝජිතයින් 05 දෙනෙකු, දෙමළ ජාතික විමුක්තිකාමි පක්ෂය වෙනුවෙන් නියෝජතයින් 03 දෙනෙකු, එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන නියෝජිතයින් 03 දෙනෙකු, සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය වෙනුවෙන් නියෝජිතයින් 03 දෙනෙකු, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් නියෝජිතයින් 02 දෙනෙකු, ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් නියෝජිතයෙකු,එක්සත් ජාතික නිදහස් පෙරමුණ වෙනුවෙන් නියෝජිතයෙකුද තේරී පත්වි සිටියහ.