ව්‍යාජ මුදල් නෝට්ටුවක් එක්ක 3ක් මාට්ටු

ව්‍යාජ මුදල් නෝට්ටුවක් එක්ක 3ක් මාට්ටු

April 17, 2018   11:20 am





ව්‍යාජ මුදල් නෝට්ටුවක් ළඟ තබාගෙන සිටි පුද්ගලයින් තිදෙනෙකු ධර්මපුරම් පුදුන්කාඩු ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

ධර්මපුරම් පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.

එහිදී සැකකරුවන් ළඟ තිබී රුපියල් 500 යේ ව්‍යාජ මුදල් නෝට්ටුවක්, ලැප් ටොප් පරිගණකයක් ද පොලීසිය බාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වව්නියාව, රාමනාධපුරම් සහ වට්ටකච්චි යන ප්‍රදේශයේවල පදිංචිකරුවන් වන අතර  ඔවුන් අද කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.