විදුහල්පතිනිය දණගැස්වූ මහ ඇමතිට අධ්‍යාපන අමාත්‍ය ධුරය යළි ලබාදීම හෙළා දකිනවා

විදුහල්පතිනිය දණගැස්වූ මහ ඇමතිට අධ්‍යාපන අමාත්‍ය ධුරය යළි ලබාදීම හෙළා දකිනවා

April 17, 2018   08:07 am



ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක  මහතාට පළාත් අධ්‍යාපන අමාත්‍ය ධුරය යළි ලබාදීම දැඩි පිළිකුලෙන් හෙළා දකින බව ජනතා විමුක්ති පෙරමුණු ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.

විදුහල්පතිනියක දණ ගැස්සවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණ සඳහා ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයාගේ විෂය පථයෙන් අධ්‍යාපන අමාත්‍ය ධුරය ඉවත් කිරීමට බලධාරීන් පියවර ගත්තේය.

මෙම සිද්ධිය පිළිබඳව  අංශ කිහිපයක් ඔස්සේ පරීක්ෂණ ආරම්භ වූ අතර ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විසින් ආරම්භ කළ පරීක්ෂණය මේ වන විටත් ක්‍රියාත්මක කෙරෙන බව වාර්තා වෙයි.

කෙසේවෙතත් මේ වන විට චාමර සම්පත් දසනායක අමාත්‍යවරයාට පරීක්ෂණ කෙරෙන අතර තුරදීම යළිත් වරක් පළාත් අධ්‍යාපන අමාත්‍ය ධුරය ලබාදීම අතිශයින් ගැටලු සහගත බව සමන්ත විද්‍යාරත්න මන්ත්‍රීවරයා සඳහන් කළේය.