‍තමාට එරෙහි විශ්වාසභංගයකට සම්බන්ධනුත් සුදානමින්

‍තමාට එරෙහි විශ්වාසභංගයකට සම්බන්ධනුත් සුදානමින්

April 17, 2018   06:57 am

තමාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන එනු ලබන්නේ නම් ඊට මුහුණදීමට තමන් සුදානම් බව විපක්ෂ නායක ආර්.සම්බන්ධන් මහතා පවසයි.
 
විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට ඕනෑම පාර්ශයකට අයිතියක් ඇති බව විපක්ෂ නායකවරයා පෙන්වා දෙයි.

ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විපක්ෂ නායක ආර්.සම්බන්ධන් මහතා මේ බව සඳහන් කළේය.