සහන මිලට පොහොර තාමත් නෑ

සහන මිලට පොහොර තාමත් නෑ

April 16, 2018   09:51 pm



පොරොන්දු වූ ආකාරයට ගොවීන්ට සහන මිලට පොහොර ලබාදීමට ‍  රජය මෙතෙක් පියවර ගෙන නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් චන්ද්‍රසේන මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොවීන් මේ හේතුවෙන් දැඩි දුෂ්කරතාවයට මුහුණ දී සිටින බවයි.

අනුරාධපුර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එස්.එම් චන්ද්‍රසේන මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේය.