පොදු ජන පෙරමුණ යටතේ ඉතා කඩිනමින් ආණ්ඩුවක් බිහි කරනවා

පොදු ජන පෙරමුණ යටතේ ඉතා කඩිනමින් ආණ්ඩුවක් බිහි කරනවා

April 16, 2018   08:57 pm

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ යටතේ ඉතා කඩිනමින් ආණ්ඩුවක් බිහි කිරීම සඳහා අවශ්‍ය කටයුතු සැළසුම් කරමින් සිටින බව ඒකාබද්ධ විපක්ෂය පවසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතා පෙන්වා දෙන්නේ වත්මන් ආණ්ඩුවේ ක්‍රියා කලාපය හේතුවෙන් ජනතාව දිනෙන් දින ආණ්ඩුවෙන් ඉවත් වන බවයි.

මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබාදෙමින් ගාමිණී ලොකුගේ මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේය.

කෙසේවෙතත් 2020 වසර වන තුරු ආණ්ඩුවක් බිහි කිරීමේ බලය ඇත්තේ එක්සත් ජාතික පක්ෂයට පමණක් බව අමාත්‍ය වජිර අබේවර්ධන මහතා සඳහන් කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කරගැනීමට නම් සම්මුති ආණ්ඩුවෙන් ඉවත්විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී පියල්  නිශාන්ත මහතා සඳහන් කළේය.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අඛණ්ඩව සම්මුති ආණ්ඩුව තුළ රැඳී සිටින බව එක්සත් ජනතා නිදහස් සන්කධානයේ මහ ලේකම් මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

ඒකාබද්ධ විපක්ෂයට බියවී පාර්ලිමේන්තු සභා වාරය කල් දැමීමට පියවර රජය පියවර ගෙන අති බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා සඳහන් කළේය.