යාපනයේ පහරදීමකින් තරුණයින් දෙදෙනෙකුට තුවාල

යාපනයේ පහරදීමකින් තරුණයින් දෙදෙනෙකුට තුවාල

April 16, 2018   08:54 pm



යාපනය  නෙල්ලිඅඩි ප්‍රදේශයේදී  තරුණයින් දෙදෙනෙකුට  කිසියම් පිරිසක් පහරදී තුවාල සිදුකොට ඇති බව  යාපනය නෙල්ලිඅඩි පොලීසිය පවසයි.

පොලීසිය පැවසූවේ පෞද්ගලික ආරවුලක් ගැටුමට හේතුවී ඇති අතර, නව වසර වෙනුවෙන් මත්පැන් පානය කළ දෙපිරිසක් අතර ගැටුම සිදුවී ඇති බවයි. 

අදාළ පහරදීමට ආවා කල්ලියේ හෝ වෙනත් කල්ලියක කිසිඳු සම්බන්ධ‍යන් නොමැති බවද පොලීසිය සඳහන් කළේය.
 
පහරදීමෙන් තුවාල ලබා ඇත්තේ යාපනය  මන්දුවිල් ප්‍රදේශයේ පදිංචි කරුවන් වන වයස අවුරුදු 20 ක් 25 ක් වන තරුණයින් දෙදෙනෙකු වන බවද පොලීසිය පැවසීය.

පොලීසිය පැවසූවේ තුවාලකරුවන් යාපනය රෝහලට ඇතුළත් කොට ඇති අතර, පහරදීම සිදුකළ පිරිස් අත්අඩංගුවට ගැනීමට නියමිත බවයි.
 
සිද්ධිය සම්බන්ධයෙන් නේල්ලිඅඩි පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි