මන්නාරම වෙරළ තීරයේ යකඩ පෙට්ටියක  තිබිලා  සොයාගත් දේ මෙන්න (ඡායාරූප සහිතයි)

මන්නාරම වෙරළ තීරයේ යකඩ පෙට්ටියක තිබිලා සොයාගත් දේ මෙන්න (ඡායාරූප සහිතයි)

April 16, 2018   03:37 pm



මන්නාරම, පේසාලෙයි, කල්ලියඩිපාඩු ප්‍රදේශයේ වෙරළ තීරයේ යකඩ පෙට්ටියක තිබි මෝටාර් උණ්ඩ තොගයක් සොයාගත් බව මන්නාරම පේසාලෙයි පොලීසිය පවසයි.
ඊයේ(15) වෙරළ තීරයේ ධිවර වාඩියක වැසිකිලියක් සකස් කිරීමට වළක් හැරීමේදී අදාළ යකඩ පෙට්ටිය හමුවි ඇති අතර පසුව ප්‍රදේශවාසීන් විසින් පොලිසිය දැනුවත් කොට ඇති බව අද දෙරණ වාර්තාකරු පැවසීය.

පොලිසිය අදාළ ස්ථාන පරීක්ෂා කිරීමේදී යකඩ පෙට්ටිය තුළ තිබි මිලිමීටර 81 ක වර්ගයේ මෝටාර් උණ්ඩ 15 ක් හා තවත් පුපුරණ ද්‍රව්‍ය තොගයක් හමුවු බවද පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.

පොලීසිය සඳහන් කළේ මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් නියෝග යටතේ අදාළ ස්ථානය පොලිස් විශේෂ කාර්ය බළකා බෝම්බ නිශ්ක්‍රීය අංශය විසින් පරීක්ෂා කළ බවයි.

එල්.ටි.ටී සංවිධානය පළායන අවස්ථාවේ අදාළ බෝම්බ තොගය සඟවා යන්නට ඇති බවට පොලීසිය සැක පළ කරයි.

සොයාගත් බෝම්බ තොගය පොලිස් විශේෂ කාර්ය බළකා නිළධාරීන් නිශ්ක්‍රීය කළ බවද පොලිසිය සඳහන් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් පේසාලෙයි පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.