රනිල්ට එරෙහි විශ්වාසභංගය ගැන  රටට හිතකර තීරණයක් ගන්නවා

රනිල්ට එරෙහි විශ්වාසභංගය ගැන රටට හිතකර තීරණයක් ගන්නවා

April 1, 2018   02:34 pm



‍අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් වී ඇති විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් එක්සත් ජනතා  නිදහස් සන්ධානය  රටට හිතකර තීරණයක් ගන්නා බව එහි ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ඒ සඳහා හෙට(02) දිනයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සියලු පක්ෂවල සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවයි.

වලස්මුල්ල ප්‍රදේශයේ පැවැති උත්සවයකට එක්වෙමින් අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙම අදහස් පළ ක‍ළේය.