42 එක් දින තරඟයේ ජය ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයට

42 එක් දින තරඟයේ ජය ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයට

March 24, 2018   05:51 pm



ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය හා ගාල්ල මහින්ද විද්‍යාලය අතර 42 වන වරටත් පැවති එක්දින තරඟය කඩුලු 6 කින් ජය ගැනීමට ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය සමත්වී තිබේ.

ගාල්ල මහින්ද විද්‍යාලය පන්දුවාර 49 යි එක් පන්දුවක් අවසානයේ ලකුණු 189 ක් රැස් කළ අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය පන්දුවාර 39 ක් අවසානයේ ලකුණු 190 ක් ලබා ගනිමින් ජයග්‍රාහී ඉලක්කය පසු කර ගියේය.