ශ‍්‍රී ලංකා මහවැලි අධිකාරියට නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්

ශ‍්‍රී ලංකා මහවැලි අධිකාරියට නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්

March 22, 2018   10:23 pm



ශ‍්‍රී ලංකා මහවැලි අධිකාරියේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ජනාධිපති අතිරේක ලේකම් සරත් චන්ද්‍රසිරි විතාන මහතා පත්කර තිබේ.

ඒ මහතා අද (22) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය.

ශී‍්‍ර ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියෙකු වන සරත් චන්ද්‍රසිරි විතාන මහතා අමාත්‍යාංශ කිහිපයක ලේකම්වරයෙකු ලෙස මෙන්ම අතිරේක ලේකම්වරයෙකු ලෙස ද කටයුතු කර තිබේ.