මග වැරදී ඔයට ගියපු BMW I8 සුපිරි මෝටර් රථය ගැන පලවන වාර්තා බොරු

මග වැරදී ඔයට ගියපු BMW I8 සුපිරි මෝටර් රථය ගැන පලවන වාර්තා බොරු

March 19, 2018   12:17 pm



තලවතුගොඩ ප්‍රදේශයේදී BMW I8 වර්ගයේ මෝටර් රථයක් ඔයකට පෙරලීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ සබඳතාවක් පවතින බවට සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ පැතිර යන තොරතුරුවල කිසිඳු සත්‍යතාවක් නොමැති බව පොලිසිය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මූලස්ථානය පෙන්වා දෙන්නේ පසුගිය 17 වන දින උදෑසන මෝටර් රථයක් ඔයකට පෙරලී ඇති අතර රථයේ රියදුරු පලාගොස් ඇති බවයි.

අංක සී.බී.බී. 5005 දරණ  BMW I8 වර්ගයේ අදාල මෝටර් රථය මේ වන විට තලංගම පොලිසිය භාරයට ගෙන තිබේ.

එම මෝටර් රථයේ ලියාපදිංචි අයිතිකරු ෆාහිම් මොහොමඩ් හුසේන් නැමැති මාදිවෙල ප්‍රදේශයේ පදිංචි අයෙකු බවට තහවුරු කරගෙන ඇති බව පොලිසිය පවසසීය.

සී.සී.ටී.වී දර්ශනවලින් සහ මූලික විමර්ශනවලින් අනාවරණය වී ඇත්තේ අනතුර වන අවස්ථාවේදී ලියාපදිංචි අයිතිකරු විසින්ම මෝටර් රථය පදවා ඇති බවයි.

එබැවින් රිය අනතුරක් සිදුකර පලායාම සම්බන්ධයෙන් අදාළ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා තලංගම පොලිසිය විමර්ශන සිදු කරන බවද පොලිස් මූලස්ථානය නිකුත් කල නිවේදනයේ දැක්වේ.