නීති විරෝධී වැලි ගෙනියපු පුද්ගලයින් 7කට වැඩ වරදී

නීති විරෝධී වැලි ගෙනියපු පුද්ගලයින් 7කට වැඩ වරදී

March 19, 2018   06:45 am



නීති විරෝධී ලෙස වැලි ප්‍රවාහනය කරමින් සිටියදී මුලතිව්, පුදුකුඩිඉරිප්පු, සුදන්දිරපුරම් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් පුද්ගලයින් හත් දෙනෙකු අද(19) මුලතිව් මහේස්ත්‍රාත් අධීකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පුදුකුඩිඉරිප්පු පොලීසිය පවසයි.

පොලීසිය පැවසූ‍වේ බලපත් නොමැතිව ට්‍රැක්ටර රථවල පටවාගෙන වැලි ප්‍රවාහනය කරමින් සිටියදී පසුගිය 17 වැනිදා අත්අඩංගුවට ගත් පිරිසක් එලෙස අධිකරණට ඉදිරිපත් කිරීමට නියමිත බවය.

සැකකරුවන් සමඟ ට්‍රැක්ටර රථ හතක්ද අත්අඩංගුවට ගත් බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කර තිබේ.

පොලිසිය පැවසූවේ ප්‍රදේශයේ කලක සිට අනවසර වැලි ජාවාරම සිදුකරන බවට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකි වු බවය.