තොරතුරු ලබා දීමේ පළමු තැන අධ්‍යාපන අමාත්‍යංශයට

තොරතුරු ලබා දීමේ පළමු තැන අධ්‍යාපන අමාත්‍යංශයට

March 15, 2018   11:06 am



පසුගියදා සම්මත කෙරුණු තොරතුරු දැනගැනීමේ පනත අනුව තොරතුරු ලබා දීමේ ඉහළ සාමාන්‍යයක් වාර්තා කර ඇත්තේ අධ්‍යාපන අමාත්‍යාංශය බව වාර්තා වේ.

වැඩිම තොරතුරු සඳහා ඉල්ලීම් ප්‍රමාණයක් යොමු කර ඇත්තේද අධ්‍යාපන අමාත්‍යාංශයට වන අතර ඔවුන්ගේ තොරතුරු ලබාදීමේ සාමාන්‍ය 35%ක් වේ.

රාජ්‍ය පරිපාලන සහ කළමණාකරන අමාත්‍යාංශයේ තොරතුරු ලබාදීමේ සාමාන්‍ය 30% වන අතර ඔවුන් ඒ අනුව තොරතුරු ලබාදීමේ ප්‍රතිශතය අනුව දෙවන තැන පසුවේ.

තොරතුරු දැනගැනීම අයිතිවාසිකම් පනත ශ්‍රී ලංකාවේ පනතක් ලෙස 2016 අගෝස්තු මසයේ දී පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබිණි.