අල්ලස් ගත් සීදුව පොලීසියේ ස්ථානාධිපතිට වැඩ වරදී

අල්ලස් ගත් සීදුව පොලීසියේ ස්ථානාධිපතිට වැඩ වරදී

March 13, 2018   04:31 pm



රුපියල් 25,000 ක අල්ලස් මුදලක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සීදූව පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

අද දහවල් සීදූව පොලිස් ස්ථානය තුළදීම අදාළ අල්ලස් මුදල ලබා ගන්නා අවස්ථාවේදී සැකකාර ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගත් බව එම කොමිසම සඳහන් කළේය.

සීදූව පොලිස් ස්ථානයට සිදුකල පැමිණිල්ලකට අදාළව සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඔහුට වාසිවන ආකාරයෙන් කටඋත්තර ලබා දීම සඳහා ස්ථානාධිපතිවරයා මෙම අල්ලස් මුදල ලබාගෙන ඇති බව සඳහන්ය.

අත්අඩංගුවට ගත් සැකකාර පොලිස් ස්ථානාධිපතිවරයා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.