සෞදියේ දී ලාංකීය කත ඝාතනය කළ මානසික ආබාධයකින් සිටි පුද්ගලයා සියදිවි නසා ගෙන

සෞදියේ දී ලාංකීය කත ඝාතනය කළ මානසික ආබාධයකින් සිටි පුද්ගලයා සියදිවි නසා ගෙන

March 13, 2018   07:16 am

සෞදි ආරාබියාවේදී ශ‍්‍රී ලාංකික ගෘහ සේවිකාවක් වෙඩි තබා ඝාතනය කර තිබේ.

සෞදි ආරාබියාවේ බුරේඩ්හිදී පසුගිය සෙනසුරාදා උදෑසන මෙම වෙඩි තැබීම සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

42 හැවිරිදි කාන්තාවක් මෙලෙස ඝාතනයට ලක්ව ඇති අතර සෞදි අරාබියානු ජාතිකයෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර තිබේ.

පසුව ඔහු ද අදාළ ගිනි අවියෙන් වෙඩි තබාගෙන සියදිවි හානිකරගෙන ඇති බව වාර්තා වෙයි.

අදාළ වෙඩි තැබීම සිදුකළ පුද්ගලයා මානසික ආබාධයකින් පෙලෙන පුද්ගලයෙකු බවට මූලික විමර්ශනවලින් අනාවරණය වී ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් එරට පොලීසිය විමර්ශන ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කළේග