‍මහනුවර සිද්ධියට මුවාවී රටේ ප්‍රශ්න අමතක කළා-හිටපු ජනපති කියයි

‍මහනුවර සිද්ධියට මුවාවී රටේ ප්‍රශ්න අමතක කළා-හිටපු ජනපති කියයි

March 12, 2018   07:11 am




‍මහනුවර ඇති වූ සිද්ධියට මුවාවී රට තුළ පැවැති විශාල ගැටළු අමතක කර දමා ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

කෙසේවෙතත් මහනුවර ප්‍රදේශයේ ඇති වූ සත්‍ය කතාව මේ වන විට වසන්වී පවතින බය හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.

ඇල්පිටිය, නවදගල ප්‍රදේශයේ විහාරස්ථානයක පැවැති උත්සවයකට එක්වෙමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේය.

‍මේ අතර මෙරට පවතින ප්‍රශ්නවලට ප්‍රධාන හේතුව වී ඇත්තේ ආගමික නායකයින්ගේ අනුශාසනා සහ උපදෙස් පිළිනොපැදීම බව කුරුණෑගල ප්‍රදේශයේ පැවැති උත්සවයකට එක්වෙමින් හිටපු ආරක්ෂක ලේකම් ‍ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කළේය.