ජාතික ආණ්ඩුව ඉදිරියට ගියොත් මන්ත්‍රීවරු 25 ක් පොහොට්ටුවට එක් වෙනවා

ජාතික ආණ්ඩුව ඉදිරියට ගියොත් මන්ත්‍රීවරු 25 ක් පොහොට්ටුවට එක් වෙනවා

February 22, 2018   05:16 pm

ජාතික ආණ්ඩුවේ ඉදිරියට පවත්වා ගෙන ගියහොත් 25 කට ආසන්න මන්ත්‍රීවරු පිරිසක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ එක්වන බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

අද(22) පැවැති පිවිතුරු හෙළ උරුමයේ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු මන්ත්‍රීවරයා මෙසේ ද පැවසීය.

“2015 සැප්තැම්බර් 03 දා අගමැතිතුමා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනාවෙන් කියන්නේ පාර්ලිමේන්තුවේ වැඩිම ආසන ගණනක් දිනා ගෙන සිටින එක්සත් ජාතික පක්ෂය ජාතික ආණ්ඩුවක් පිහිටුවා ඇති හෙයින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 46(4) වගන්තිය අනුව කැබිනට් ඇමති ධූර ගණන 48 ක් ද කැබිනට් නොවන ඇමති ධූර ගණන 45 ක් ද ලෙසින් වැඩි කිරීමට  පාර්ලිමේන්තුව තීරණය කරයි. 

අගමැතිතුමන් ඉංග්‍රීසි බසින් ඉදිරිපත් කල යෝජනාවේ සිංහල අදහස ඒකයි.

අගමැතිතුමන් මෙහිදී කවුරුන් සමග ද ජාතික ආණ්ඩුවක් බිහි කලේ කියන එක ප්‍රකාශකර නැහැ. 

තමන් ජාතික ආණ්ඩුවක් හැදුවේ කා සමගින්ද නොකියා එමෙන්ම ලිඛිත ගිවිසුමක් ද ඉදිරිපත් නොකර මේ ආණ්ඩුව දිගටම කරගෙන යන්න ඉඩ දීමට ඊයේ දින කතානායක වරයා තීරණය කලා. 

එය සමස්ථ පාර්ලිමේන්තුවේ අනාගතයටම කරපු නරක පුර්වාදර්ශයක්. මොකද අගමැතිවරයෙකුට පාර්ලිමේන්තුවේ සරල බහුතරය තියෙනවා. සරල බහුතරය නැතිනම් ඔහුට අගමැති තනතුර දරන්න හම්බෙන්නේ නෑ.

එහෙමනම් මේ යෝජනාව සම්මත කරන්න අවශයි කියන්නේ සරල බහුතරයයි.   මේ අනුව අනාගතයේ ඕනෑම අගමැතිවරයෙකුට කියන්න පුළුවන් මම ජාතික ආණ්ඩුවක් සාදා ඇත. මට ඇමැතිමණ්ඩලය සීයක් කල යුතුයි කියලා. එවිට 113 අත එසවෙනවා. 

මොකද ඒ ගොල්ලන්ට ඇමැතිධුර හිමි වෙන නිසා. එවිට ආණ්ඩුක්ර ම ව්යරවස්ථාවේ කැබිනට් ඇමතිවරු 30 දක්වාත් කැබිනට් නොවන ඇමතිවරු 40 දක්වාත් සීමා කළ යුතුය යන වගන්තිය පුස්සක් බවට පත්වෙනවා.

මේක හරියට ඉදිරිපස දොර යතුරු දා වහලා පිටු පස දොර ඇරල දෙනවා වගේ වැඩක්. මේ පිලිවෙත වලක්වන්න පුලුවන් එකම ක්රවමය තමයි, ජාතික ආණ්ඩුවක් හැදුව කිව්වට මදි. මේ ජාතික ආණ්ඩුවේ පාර්ශව කරුවන් කවුරුන්ද කියන එකට ලිඛිත සාක්ෂි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල යුතුයි කියන එකයි.

අපි මේ ගැන ‍මතු කරහම ඊයේ දවසේ පාර්ලිමේන්තුවේ අගමැතිතුමන් ගේ මතය වුනේ එංගලන්තයේ මීට කලින් දෙවතාවක් ජාතික ආණ්ඩු හදලා තියෙනවා නමුත් ඒ එක් අවස්ථාවක්වත් ලිඛිත ගිවිසුමක් පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර නැති බවයි. නමුත් එංගලන්තයේ ඇමති ධූර සංඛ්‍යාව 30 ට සීමා කරල නෑ.

ඒ නිසා හොර පාරවල් හදලා ජාතික ආණඩුවේ ඇමැතිධුර ගැනීමට අවශ්‍ය තාවයක් නෑ.  ජාතික ආණ්ඩුවක අමාත්යැධූර 30 කියා  ව්යකවස්ථාපිත ප්රතතිපාදනයක් නොමැති නිසා ව්යධවස්ථාව උල්ලංඝණය වීමත් එහිදී සිදුවුනේ නෑ. 

ඒ වගේ ම එංගලන්තයට ලිඛිත ව්යුවස්ථාවක් නෑ. ඔවුන් සම්ප්ර දායන්ට ගරු කරමිනුයි රට පාලනය කරන්නේ. ඒ වගේම ඔවුන් සම්ප්‍රදාය අකුරට රකිනවා. ඒ නිසයි ජනමත විචාරණය පරදින විට ඩේවිඩ් කැමරන් ඉල්ලා අස්වෙන්නේ. 

නමුත් එංගලන්ත සම්ප්‍රදාය මේ කාරණය අරභයා නම් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට කිසිසේත්ම අදාල නැහැ. ඒ නිසා අගමැතිතුමන් ගිවිසුම සඟවන්න ගෙනා කාරණයන් හරිම අථාර්කිකයි. 

එතුමන්ට එංගලන්ත සම්ප්රවදාය අවශ්යවනම් ඉල්ලා අස්වීම් පිලිබද එංගලන්ත සම්ප්‍රදාය ආදර්ශයට ගන්න පුළුවන්. නමුත් එතුමන් ඒ කාරණය ගැන නම් හැරිලවත් බලන් නෑ.

කෙසේ වෙතත් අනාගතයේ බිහිවණ ආණ්ඩුත් ඇමති මණ්ඩුල්ල 30 කට සීමා නොකර හිතූ මනාපයෙන් පත්කරගැනීම නැවැත්වීමට නම් ජාතික ආණ්ඩුවක් හැදුවා කියන එක විතරක් ප්‍රමානවත් නෑ. කා සමඟ ද? කොතරම් කාලයකට ද ? යන්න ලිඛිතව පාර්ලිමේන්තුවට දැන්වීම අවශ්‍යයි. “