විදුහල්පතිවරියක් මිය යෑම ගැන ජනාධිපති මුලිකත්වයෙන් පරීක්ෂණයක් තිබිය යුතුයි

විදුහල්පතිවරියක් මිය යෑම ගැන ජනාධිපති මුලිකත්වයෙන් පරීක්ෂණයක් තිබිය යුතුයි

February 22, 2018   05:09 pm

නායකත්ව පුහුණු වැඩසටහනක් අතරතුර විදුහල්පතිවරියක් මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ මැදිහත්වීමෙන් පරීක්ෂණයක් ආරම්භ කළ යුතු බව ලංකා ගුරු සේවා සංගමය පවසයි.

කොළඹ අද(22) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි ප්‍රධාන ‍ලේකම් මහින්ද ජයසිංහ මහතා අදහස් පළ කළේය.

ආණ්ඩුව ඇතිවු තත්ත්වයට සම්පූර්ණයෙන් වගකිව යුතු බවත් මීට පෙරද රන්ටැඹේ හමුදා කඳවුරේ පුහුණු වීමක් අතරතුර රත්දොළුව ජාතික විදුහලේ විදුහල්පතිවරයා මිය ගිය බවත් පැවසු මහින්ද ජයසිංහ මහතා මෙවැනි සිදුවීමක් තළ බරපතළ තත්ත්වයක් මතු වී ඇති බව ද පැවසීය.

මෙවැනි හමුදා පුහුණු වීම් කිසිසේත් විදුහල්පතිවරුන්ට ලබා දීම අවශ්‍ය නොවන බව ද පැවසු ජයසිංහ මහතා රජය විසින් මෙම කාරණය යටපත් කිරීමට උත්සහ දරණ ඇති බවට විශාල සැකයක් පවතින බව ද කියා සිටියේය.