ප්‍රතිපත්ති මත වෙනස් වුණ අධ්‍යාපනය ගැන අධ්‍යාපනඥයින් කියයි

ප්‍රතිපත්ති මත වෙනස් වුණ අධ්‍යාපනය ගැන අධ්‍යාපනඥයින් කියයි

February 22, 2018   04:05 pm


2015 වසරේ සිට මේ දක්වා අධ්‍යාපන අමාත්‍යංශය මඟින් ක්‍රියාත්මක වැඩසටහන් මඟින් සාර්ථක ප්‍රථිපල රැසක් අත්ව ඇති බව අධ්‍යාපනඥයින් පෙන්වා දෙයි.

ඔවුන් පෙන්වා දෙන්නේ එහිදී අධ්‍යාපනය නඟා සිටුවීම සඳහා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සහ අධ්‍යාපන අමාත්‍යංශය  ගනු ලැබූ ප්‍රතිපත්තිමය තීන්දු රැසක් පාසැල් දරු දැරියන්ගේ අනාගතය සඳහා යහපත් ලෙස බලපෑ බවයි.

ළඟම පාසල හොඳම පාසල වැඩසටහන පසුගිය කාලයේ ක්‍රියාත්මකවූ වැදගත්ම ව්‍යාපෘතියක් වනවා.ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතිය යටතේ ඉතිහාසයේ ප්‍රථම වරව පාසල් 9,500 ක් එකවර සියලු පහසුකම් සහිතව සහිතව සංවර්ධනය කිරීමට පියවර ගනු ලැබීය.

අධ්‍යාපනය නගා සිටුවීම සඳහා ගනු ලැබූ ප්‍රතිපත්තිමය තීන්දු හේතුවෙන් අධ්‍යාපනය නව මගකට යොමුවූ බවට සැළකෙන අතර වසර 13 ක අඛණ්ඩ අධ්‍යාපනය අනිවාර්ය කිරීම සහ නවීන ලෝකයට උචිත පරිදි රැකියා අභිමුඛ නව විෂය මාලා 26 ක් හඳුන්වාදීම එහිදී මුල් තැන ගෙන තිබෙනවා.

එම විෂය මාලා පහතින් දැක්වෙනවා.

1.      ළමා මනෝවිද්‍යාව හා ආරක්ෂණය           (Child Psychology and care)
2.      සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණය                 (Health and Social Care)
3.      ශාරීරික අධ්‍යාපනය හා ක්‍රීඩා                    (Physical Education ad Sports)
4.      ප්‍රාසාංගික කලාව                                     (Performing Arts)
5.      කාර්යසිද්ධි කළමණාකරණය                   (Event Management)
6.      ශිල්ප කලා                                              (Arts and Crafts)
7.      අභ්‍යන්තර නිර්මාණකරණය                     (Interior Designing)
8.      විලාසිතා නිර්මාණකරණය                       (Fashion Designing)
9.      ග්‍රැ‍ෆික් නිර්මාණකරණය                          (Graphic Designing)
10.    කලාව හා පිරිසැලසුම්කරණය                  (Art and Designing)
11.    භූ දර්ශන නිර්මාණකරණය                       (Landscaping)
12.    ව්‍යවහාරික උද්‍යාන විද්‍යා තාක්ෂණ අධ්‍යයනය (Applied Horticultural Studies)
13.    පශු සම්පත් නිෂ්පාදන තාක්ෂණ අධ්‍යයනය (Livestock Product Studies)
14.    ආහාර නිෂ්පාදන තාක්ෂණ අධ්‍යයනය        (Food Processing Studies)
15.    ජලජ සම්පත් තාක්ෂණ අධ්‍යයනය              (Aquatic Resource Studies)
16.    වැවිලි බෝග නිෂ්පාදන තාක්ෂණ අධ්‍යයනය (Plantation Product Studies)
17.    ඉදිකිරීම් තාක්ෂණ අධ්‍යයනය                    (Construction Studies)
18.    මෝටර් යාන්ත්‍රික තාක්ෂණ අධ්‍යයනය       (Automobile Studies)
19.    විදුලිය හා ඉලෙක්ට්‍රොණික තාක්ෂණ අධ්‍යයනය (Electrical and Electronic Studies)
20.    පේෂකර්ම හා ඇඟලුම් තාක්ෂණ අධ්‍යයනය  (Textile and Apparel Studies)
21.    ලෝහ සැකසුම් තාක්ෂණ අධ්‍යයනය         (Metal Fabrication Studies)
22.    ඇලුමිනියම් පිරිසැකසුම් තාක්ෂණ අධ්‍යයනය (Aluminum Fabrication Studies)
23.    මෘදුකාංග සංවර්ධනය                              (Software Development)
24.    වෙබ් නිර්මාණකරණය                            (Web Development)
25.    සංචරණය හා ආගන්තුක සත්කාර            (Tourism and Hospitality)
26.    පාරිසරික අධ්‍යයනය                               (Environmental Studies


මේ අතර සුහුරු පන්ති කාමර smart class room ආරම්භ කිරීම,ගුරු උපදේශක සේවය ස්ථාපිත කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම,ගුරු අධ්‍යාපනඥ සේවයට බඳවාගැනීමේ වයස් සීමාව 30 සිට 35 දක්වා ඉහළ නැංවීමට පියවර ගැනීම,වංචා දූෂණ වලින් තොරව රජයට ඉතිරියක් ලැබෙන පරිදි නිල ඇඳුම් වෙනුවට නිල ඇඳුම් වවුචර ක්‍රමය හඳුන්වා දීම,පාසල් දරුවා සහ සොබාදහම අතර සුසංයෝගයක් ඇති කිරීම සඳහා පාසල් පරිශ්‍ර සියල්ල පරිසර හිතකාමී සැලසුමකට අනුව ඇතිකිරීම,පාසල් 3200 කට පාසල් පුස්තකාල පොත් ලබා දීම සඳහා රුපියල් මිලියන 700 ක් ලබා දීම වැනි ව්‍යාපෘති ද වනවා.

රජයේ සියලුම පාසල්, පිරිවෙන්, පෞද්ගලික, ජාත්‍යන්තර ආදී සියලුම පාසල් සිසුවකුට ම ලක්ෂ 2 ක රක්ෂණාවරණයක් ලබා දීම නිදහස් අධ්‍යාපනයෙහි සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙසයි සැළකෙන්නේ.

සුරක්ෂා සිසුරක්ෂණාවරණය යටතේ අවුරුදු 5-19 වයස් සීමාවේ සිටින මිලියන 4.5ක් වූ සියලුම රජයේ පාසල්, පෞද්ගලික පාසල්, පිරිවෙන් හා ජාත්‍යන්තර පාසල්වල සිසුන් සඳහා ප්‍රතිලාභ හිමිවනවා.

බාහිර ප්‍රතිකාර සඳහා රු. 10,000.00,රෝහල්ගත වීමකදී රු. 100,000.00 දක්වා,පාසල් දරුවකුගේ හදිසි මරණයකදී රු. 100,000.00 දක්වා,සිය මවගේ හෝ පියාගේ හදිසි මරණයක දී දරුවකුට රු. 75,000.00 දක්වා,දරුවා පූර්ණ ආබාධිත තත්ත්වයකට පත්වීමේදී රු. 100,000.00 දක්වා,අර්ධ ආබාධිත තත්ත්වයකදී රු. 50,000.00 සිට රු. 100,000.00 දක්වා මෙහිදී ප්‍රතිලාභ පිරිනැමෙනවා.

එමෙන්ම නව නිපැයුම්, සෞන්දර්යය ක්‍රියාකාරකම් සහ ක්‍රීඩා විශේෂ කාණ්ඩවල  සිසුන් 1000 කට රු. 50,000 ක් බැගින් ශිෂ්‍යත්ව ලබා දීම ද පසුගිය කාලයේ සිදු වුණා.

අධ්‍යාපන අමාත්‍යංශය මගින් 2015 වසරේ සිට බඳවාගැනීම් සහ දීමනා සම්බන්ධයෙන් ද විදිමත් පියවර රැසක් ගනු ලැබූ බවයි අධ්‍යාපනඥයින් පෙන්වා දෙයි.

යටිතල පහසුකම් සහ අනෙකුත් පහසුකම් නගා සිටුවීම සම්බන්ධයෙන් ද පසුගිය කාලයේදී වැදගත් පියවර රැසක් ගෙන තිබේ.

මානව සම්පත් සංවර්ධනය ඉලක්ක කර ගනිමින් ද අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් පරිදි පසුගිය කාලයේදී කටයුතු කරනු ලැබීය.

පිරිවෙන් අධ්‍යාපනය නගා සිටුවීම සඳහා ද අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් පරිදි වැඩසටහන් රැසක් පසුගිය කාලයේ ක්‍රියාත්මක කර තිබේ.

පිරිවෙන් පුස්තකාල සඳහා රු.මි. 5 ක පොත් ලබාදීම,පිරිවෙන් කාර්යාල උපකරණ සඳහා රු.මි. 5 ක ලබා දීම,පරිවේණාචාර්ය පත්වීම් 600ක් ලබා දීම,පරිවේණාධිපති කාර්යාල සෑදීම සඳහා රු.මි. 70 ක ප්‍රතිපාදන ලබාදීම,එක පිරිවෙනකට රු. 260,000 බැගින්  පිරිවෙන් 485 ක් සඳහා යටිතල පහසුකම් සංවර්ධනයට රු.මි. 200 ක් ලබාදීම,එක් පිරිවෙනකට රුපියල් ලක්ෂ 9 ක් වටිනා සනීපාරක්ෂක පහසුකම් පිරිවෙන් 100 ක් සඳහා ලබා දීම ,පිරිවෙන් සඳහා ගණිත උපකරණ කට්ටල ලබා දීම සහ පිරිවෙන් වල ඉගෙනුම ලබන සියලුම ශිෂ්‍ය ස්වාමීන් වහන්සේලාගේ ඉගෙනුම් කටයුතු සංවර්ධනය කරගැනීම සඳහා මිලියන 150ක් ලබා දීමට පියවර ගැනීම ඒ අතරින් කිහිපයක් වනවා.