අමරි විජේවර්ධන ඉල්ලා අස් වුනේ නෑ - ගිවිසුම් කාලය අවසන්

අමරි විජේවර්ධන ඉල්ලා අස් වුනේ නෑ - ගිවිසුම් කාලය අවසන්

February 22, 2018   03:44 pm



බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් අමාරි විජේවර්ධන මහත්මිය එම ධුරයෙන් ඉල්ලා අස් වී නොමැති බවත් ඇයගේ ධූර කාලය අවසන් වී ඇති බවත් විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනය කරයි.

එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහකොමසාරිස් අමාරි විජේවර්ධන මහත්මිය සිය ධුරයෙන් ඉල්ලා අස්වූයේ යැයි විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා ප්‍රකාශ කළ බවට ජනමාධ්‍ය තුළ සංසරණය වන වාර්තා සාවද්‍ය බව එම අමාත්‍යංශයේ නිළ වෙබ් අඩවියේ පලකර තිබේ.

මහකොමසාරිස් විජේවර්ධන මහත්මිය සිය ධූර කාලය පිළිබඳ ගිවිසුම 2018 මාර්තු 31 වැනිදා වන විට අවසන් වීමට නියමිත බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.