හම්බන්තොට අඩු ආදායම්ලාභීන්ට ඉන්දීය රජයෙන් රුපියල් මිලියන 300 ක උපකරණ තොගයක්

හම්බන්තොට අඩු ආදායම්ලාභීන්ට ඉන්දීය රජයෙන් රුපියල් මිලියන 300 ක උපකරණ තොගයක්

February 22, 2018   03:27 pm



හම්බන්තොට දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී පවුල් වල  ජීවන තත්ත්වය වර්ධනය කිරීම සඳහා ඉන්දීය රජය විසින් රුපියල් මිලියන 300ක් වටිනා කෘෂි උපකරණ ඇතුළු උපකරණ තොගයක් ලබාදී තිබේ.

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශය සඳහන් කළේ අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඉන්දීය රජයෙන් කරන ලද ඉල්ලීමකට අනුව මෙම උපකරණ තොගය ලබාදී ඇති බවයි.

මෙම උපකරණ තොගයට පාපැදි, මහන මැෂින් හා උදළු තළ ඇතුළු කෘෂි උපකරණ ඇතුළත් බව එම අමාත්‍යංශය සඳහන් කළේය.

එම උපකරණ තොගය හම්බන්තොට ජනතාවට ලබාදීම හෙට (23) සිදුකිරීමට නියමිතය.