කිලිනොච්චියේ  වැවකින් අබිරහස් ලෙස මියගිය අයෙකුගේ මළ සිරුරක් හමුවෙයි

කිලිනොච්චියේ වැවකින් අබිරහස් ලෙස මියගිය අයෙකුගේ මළ සිරුරක් හමුවෙයි

February 22, 2018   03:03 pm



කිලිනොච්චිය, පුදුමුරිප්පුකුලම වැවේ තිබි පිරිමි පුද්ගලයෙකු මළ සිරුරක් අද (22) උදැසන සොයාගත් බව කිලිනොච්චිය පොලීසිය පවසයි.

කිලිනොච්චිය පොලිසිය පැවසූවේ කිලිනොච්චිය,උදයනගර් ප්‍රදේශයේ ත්‍රීරෝද රථ රියදුරෙකු ලෙස සේවය කළ 25 හැවිරිදි බාලසිංහම් දනුෂන් නමැති තරුණයෙකුගේ මළ සිරුරක් එලෙස සොයාගත් බවයි.

අදාළ ත්‍රීරෝද රථ රියදුරු ඊයේ (21) සවස ත්‍රීරෝද රථයෙන් ගමනක් ගොස් ඇති අතර, රාත්‍රියේ නිවස වෙත නොපැමිණි බවට මියගිය පුද්ගලයාගේ ඥාතීන් පැවසූහ.

මියගිය පුද්ගලයාගේ ඥාතීන් පැවසූවේ ත්‍රීරෝද රථ රියදුරා ඊයේ (21) නිවසට නොපැමිණීම සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලිසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළ බවයි.

සොයාගත් මළ සිරුර අද(22) පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වීම වෙනුවෙන් කිලිනොච්චිය රෝහල මෘත ශරීරාගාරයේ තැන්පත් කළ බවද පොලිසිය පැවසීය.

මරණය සැක සහිත බව මියගිය පුද්ගලයාගේ ඥාතීන් පැවසු අතර, සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.