බලය පිහිටුවීම ගැන එජාපයෙන් විශේෂ වැඩපිළිවෙළක්

බලය පිහිටුවීම ගැන එජාපයෙන් විශේෂ වැඩපිළිවෙළක්

February 19, 2018   02:33 pm



පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සම්බන්ධයෙන් විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ.

එම පක්ෂයේ මහලේකම් අමාත්‍ය කබීර් හෂීම් මහතා සඳහන් කළේ පළාත් පාලන ආයතන සඳහා තේරී පත්වූ සභිකයින් නම් කිරීමෙන් අනතුරුව එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි.

ඒ සඳහා පස් දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත්කිරීමට ද සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති සාකච්ඡාවේ දී එකඟතාව පළ කළ බව කබීර් හෂීම් අමාත්‍යවරයා සඳහන් කර තිබේ.