සමස්ත විදුලි සේවකයින් මාර්තු 14 කොළඹ එයි

සමස්ත විදුලි සේවකයින් මාර්තු 14 කොළඹ එයි

February 19, 2018   09:01 am


එළඹෙන මාර්තු මස 14  වනදා සමස්ත විදුලි සේවකයින් කොළඹට කැඳවා උද්ඝෝෂණයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව ලංකා විදුලි සේවක සංගමය පවසයි.

විදුලිබල මණ්ඩලයේ දුෂණවලට එරෙහිව මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය කැඳවා ඇති අතර ඉදිරි දින කිහිපයේදී ප්‍රාදේශිය මට්ටමින් විරෝධතා ක්‍රියාත්මක කිරීමට  ලංකා විදුලි සේවක සංගමය පියවර ගෙන තිබේ.

කොළඹ කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්  එම සංගමයේ කැඳවුම්කරු රංජන් ජයලාල් මහතා මේ බව ප්‍රකාශ කර තිබේ.