ආග්‍රඔයෙන් නැවතුණ ජීවිත ඉරණම (ඡායාරූප)

ආග්‍රඔයෙන් නැවතුණ ජීවිත ඉරණම (ඡායාරූප)

February 18, 2018   07:46 pm



මෝටර් රථයක් තලවාකැලේදී ආග්‍රඔයට පෙරළීමෙන් මියගිය පුද්ගලයින් දෙදෙනෙකුගේ මළ සිරුරු සොයා ගත් බව ලිදුල පොලීසිය පවසයි.

හැටන් - නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ ලිදුල පොලිස් වසමට අයත් තලවාකැලේ බෙයාවිල් ප්‍රදේශයේදි මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන  අඩි 200 ක් පමණ පහතින් පිහිටි ඉහළ කොත්මලේ ජලාශයේ අතු ශාඛාවක් වන ආග්‍රඔයට පෙරළීම නිසා මෝටර් රථයේ ගමන් කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකුගේ මිය ගොස් ඇති බවත්, මහත් පරිශ්‍රමයකින් එම මල සිරුරු ගොඩගැනීමට හැකි වූ බවත් පොලීසිය පවසයි.

මොවුන් නුවරඑළිය සිට හැටන් හරහා ගම්පහ දක්වා ගමන් කරමින් සිටියදී අනතුරට පත්ව තිබේ.

අද පව 4.00 ට පමණ සිදුවී ඇති මෙම අනතුරෙන් මියගිය කාන්තාව අංක 65 නැදුන්ගමුව,ගම්පහ ප්‍රදේශයේ පදිංචි කාරියක වූ හලාවතගේ පියුමිශාන් ප්‍රසාදි පෙරේරා (24 ) නමැති තරුණියක් බව හඳුනාගෙන තිබේ.

පිරිමි පුද්ගලයාගේ අනන්‍යතාවය තහවුරු කර ගෙන නොමැති අතර මළ සිරුරු ලිදුල රජයේ ප්‍රාදේශය රෝහලේ තැන්පත් කර තිබේ.

ජලාශයට පෙරළුන මෝටර් රථයේ පැති දොරවල් අගුලු ලා තිබිණ.

අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වි නොමැත.

පොලීසිය පරීක්ෂන පවත්වයි.