මීළඟ අගමැති නිමල් සිරිපාල ද සිල්වාද? ශ්‍රීලනිපයෙන්  යෝජනාවක්

මීළඟ අගමැති නිමල් සිරිපාල ද සිල්වාද? ශ්‍රීලනිපයෙන් යෝජනාවක්

February 18, 2018   05:38 pm



අග්‍රමාත්‍ය  රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රමාත්‍ය ධූරයෙන් ඉවත් නොවන්නේ නම් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අග්‍රමාත්‍යවරයෙකු පත් කිරීමේ යෝජනාවක් ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළේ නිමල් සිරිපාල ද සිල්වා මහතා ඒ සඳහා යෝජනා කිරීමට බලාපොරොත්තු වන බවයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජ්‍යේෂ්ඨයින් පිරිසක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවීමට නියමිතව තිබේ.

අද  රාත්‍රී ජනාධිපති නිල නිවසේ දී මෙම සාකච්ඡාව පැවැත්වෙන බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රමාත්‍ය ධූරයෙන් ඉවත් කළ යුතු බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සිදුකර ඇති යෝජනාව සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.

ඒ අනුව අග්‍රමාත්‍ය   රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රමාත්‍ය ධූරයෙන් ඉවත් නොවන්නේ නම් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අග්‍රමාත්‍යවරයෙකු පත් කිරීමේ යෝජනාව ද මෙහිදී ජනාධිපතිවරයාට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.