රික්ටර් පරිමාණයේ ඒකක 4.4 ප්‍රභල භූ කම්පනයක්
සයුරෙන් එතෙර

රික්ටර් පරිමාණයේ ඒකක 4.4 ප්‍රභල භූ කම්පනයක්

February 18, 2018   03:12 pm




රික්ටර් පරිමාණයේ 4.4 ක ප්‍රබලතාවකින් යුතු භූ කම්පනයක් සිදුව තිබේ.

එංගලන්තයේ සහ වේල්සයේ ප්‍රදේශ රැසකට බලපෑ භූ කම්පනයක් ඊයේ වාර්තා වුණි. 

එය රික්ටර් පරිමාණයේ  ඒකක 4.4 ක ප්‍රබලතාවකින් යුක්ත වූ බව බ්‍රිතාන්‍ය භූ විද්‍යා සමීක්ෂණ ආයතනය ප්‍රකාශ කළේය. 

වේල්සයට සහ එංගලන්තයේ බටහිර දිග කොටසට මුළුමනින්ම පාහේ භූ කම්පනය බලපා ඇති අතර, ලන්ඩන් වාසීන්ටද එය දැනී ඇති බව සඳහන්ය. 

කෙසේ නමුත් මෙම භූ කම්පනයෙන් ජීවිත හෝ දේපළ හානි සිදුවූ බවක් මෙතෙක් වාර්තාවී නැත.