මැණික්වත්තේ තේ ළඳුන්ට බඹර ප්‍රහාරයක්

මැණික්වත්තේ තේ ළඳුන්ට බඹර ප්‍රහාරයක්

February 14, 2018   12:27 pm



හැටන්, මැණික්වත්ත ප්‍රදේශයේ තේ දළු නෙලමින් සිටි කාන්තාවන් 12 දෙනෙකු බඹර ප්‍රහාරයකට ලක්ව තිබේ.

ඔවුන් ප්‍රතිකාර සඳහා දික්ඔය මූලික රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය පැවසුවේය.

මේ දින වල පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් උකුසන් පැමිණ ගස්වල බැඳ ඇති බඹර කූඩු කඩා අවුස්සන බව තුවාල ලැබූවන් සඳහන් කර සිටියේය.