ශිෂ්‍යත්වේ ලකුණු 125ට අඩු වුණ හින්දා අපිට ඉස්කෝලේ නැති වුණා

ශිෂ්‍යත්වේ ලකුණු 125ට අඩු වුණ හින්දා අපිට ඉස්කෝලේ නැති වුණා

February 14, 2018   11:52 am




මිනුවන්ගොඩ රෙජී රණතුංග ප්‍රාථමික විදුහලේ ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 125ට අඩු ලකුණු ලබාගත් සිසුන් 64 දෙනෙකු සහ ඔවුන්ගේ මව්පියන් අද(14) මිනුවන්ගොඩ - කොළඹ මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණයක නිරත වී ඇත.

මේ හේතුවෙන් මිනුවන්ගොඩ - කොළඹ මාර්ගයේ වාහන ගමනාගමනයට ද බාධා එල්වූ බව අප වාර්තාකරු සඳහන් කළේය.

පසුගිය වසරේ පැවති ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 125ට අඩු ලකුණු ලබාගත් සිසුන් 64 දෙනෙකුට මිනුවන්ගොඩ රෙජී රණතුංග විද්‍යා විද්‍යාලයට ඇතුලත් වීම සඳහා අවස්ථාව නොලැබුණු බව පවසමින් එම සිසුන් සහ ඔවුන්ගේ මව්පියන් මිනුවන්ගොඩ ජාපාල වත්ත ප්‍රදේශයෙන් මෙලෙස උද්ඝෝෂණයක් සිදු කර ඇත.

ඔවුන් පවසන්නේ ලකුණු 125ට වැඩියෙන් ලබා ගත් සිසුන් රෙජී රණතුංග විද්‍යා විද්‍යාලයට ඇතුලත් කර ඇති අතර තම දරුවන් එම පාසලට ඇතුලත් කරගැනීමට පාසල් කාර්යය මණ්ඩලය ක්‍රියා නොකරන බවයි.