පාලනයේ වෙනසක් නොදැක මැරෙන්න වෙයි කියලා මං බය උනා

පාලනයේ වෙනසක් නොදැක මැරෙන්න වෙයි කියලා මං බය උනා

February 13, 2018   03:50 pm

පළාත් පාලන මැතිවරණයේ ජයග්‍රහණය බොහෝ විට දේශපාලනික ජයග්‍රහණයකට වඩා ජනතාව විසින් කරන ලද නිහඬ විප්ලවයක් ලෙස සැලකිය හැකි බව ආචාර්ය ගුණදාස අමරසේකර මහතා පැවසීය. 

අද(13) පැවති ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය‍

මෙම පාලනයේ අවසානයක් නොදැක මිය යෑමට සිදු වෙතැයි තමා කණගාටු වු බවත් පළාත් පාලන මැතිවරණයෙන් ලැබූ ජයග්‍රහණය නිසා එම අදහස වෙනස් වු බවත් ගුණදාස අමරසේකර මහතා කියා සිටියේය.

මෙම ජයග්‍රණයෙන් බහුතර සිංහල ජනතාව ඉමහත් සතුටට පත්වන බවත් පැවසු අමරසේකර මහතා 1956 සිදුවු විප්ලවට වඩා ප්‍රබල ලෙස මෙවර ජනතා අපේක්ෂා ඉටු වු බව ද පැවසීය.

කෙසේ වෙතත් ආණ්ඩුව මුල සිටම ව්‍යවස්ථා විරෝධි ලෙස කටයුතු කළ බවත්, ජනතා තීන්දුව සමඟ ආණ්ඩු බලයේ සිටීමට ඔවුන්ට කිසිදු සදාචාරාත්මක අයිතියක් නොමැති බවත් ඒ මහතා වැඩි දුරටත් කියා සිටියේය.