තොයිලෙට ගිහින් එද්දී රන් බඩු කොල්ල කාලා

තොයිලෙට ගිහින් එද්දී රන් බඩු කොල්ල කාලා

February 13, 2018   12:05 pm



දඹුල්ල මැණික්දෙන ප්‍රදේශයේ නිවසක අල්මාරියක තිබූ රුපියල් ලක්ෂයකට පමණ ආසන්න වටිනාකමකින් යුත් රන් භාණ්ඩ තොගයක් සොරා ගත් පුද්ගලයෙකු සැකපිට අද (13) පෙරවරුවේ අත්අඩංගුවට ගත්බව දඹුල්ල පොලීසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ යුද හමුදාවෙන් පලා ආ (24) හැවරදි  ගලේවෙල දඬුබැඳිරුප්ප ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මැණික්දෙන ප්‍රදේශයේ නිවැසියන් තොවිලය බැලීම සඳහා ගිය අවස්ථාවේදී නිවසට ඇතුළු වී අල්මාරියේ තිබූ රුපියල් ලක්ෂයකට ආසන්න වටිනාකමකින් යුත් රන් භාණ්ඩ කිහිපයක් සොරාගෙන ගොස් ඇතැයි පොලීසියට පැමිණිල්ලක් ලැබී ඇත.

එම ප්‍රදේශයේ යතුරුපැදියකින් සැරිසැරූ පුද්ගලයෙකු පිළිබඳව නිවැසියන්ට තිබූ මතකය සහ ඔහුගේ හැඩහුරුකම් පොලිසියට  ප්‍රකාශ කිරීමත් සමඟ පොලීසිය සැක පහළ කළ පුද්ගලයෙකු දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණය ආසන්නයේ නඩුවකට පැමිණසිටි අවස්ථාවේ දී සැකපිට ප්‍රශ්න අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී මෙම රන් භාණ්ඩ රජයේ බැංකුවකට උකස් කළ රිසිට්පත් කිහිපයක් හමුවී තිබේ. 

රිසිට්පත් පරීක්ෂාකිරීමේදී  මැණික්දෙන ප්‍රදේශයෙන් අතුරුදන් වූ රන් භාණ්ඩ බව හඳුනාගෙන ඇත.

සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී ප්‍රදේශයේ තවත් ගෙවල් බිඳුම් රැසක් පිළිබඳව තොරතුරු අනාවරණය කර ගැනීමට හැකි වූ බව දඹුල්ල පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ගයාන්  සමරකෝන් මහතා සඳහන් කර තිබේ.

මෙසේ අත්අඩංගුවට ගත් සැකකරුට විරුද්ධව ගෙවල් බිඳුම් නඩු කිහිපයක්ම දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වෙමින් පවතින බවත් ඔහු සොරකම් කරන ලද මුදල් වලින්  වීශාල කොටසක් කාන්තා ඇසුර සඳහා වියදම් කරන බව පොලිස් ප්‍රශ්න කිරීම්වලදී හෙළිවී තිබේ.

දඹුල්ල මුලස්ථාන පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන්  වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.