දිවයිනේ බොහෝ තැන්වලට අද වැස්ස නෑ

දිවයිනේ බොහෝ තැන්වලට අද වැස්ස නෑ

February 13, 2018   07:38 am

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

රත්නපුර, ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක සවස 2.00 පසු වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වීමට හැකියාවක් පවතින අතර බස්නාහිර, වයඹ, උතුරු සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැයට කි.මී 40 දක්වා වු තරමක් තද සුළං බලාපොරොත්තු විය හැකි බව ද කාලගුණ අංශ පවසයි.

කෙසේ වෙතත් බස්නාහිර, සබරගමුව, දකුණු සහ මධ්‍යම පළාත්වල සමහර ප්‍රදේශවල උදය කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද අළුයම නිකුත් කළ කාලගුණ අනාවැකියේ දැක්වෙයි.