රටේ සංවර්ධනය ගමට ගෙනියන්න ගමේ බලය අත්‍යාවශයයි

රටේ සංවර්ධනය ගමට ගෙනියන්න ගමේ බලය අත්‍යාවශයයි

January 21, 2018   07:18 pm



රටේ සිදුකරන සංවර්ධන කටයුතු ගමට ගෙන යාම සඳහා පළාත් පාලන ආයතනවල බලය අත්‍යවශය බව එක්සත් ජාතික පක්ෂය පවසයි.

එම පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය  රනිල් වික්‍රමසිංහ මහතා පවසන්නේ ඉදිරි පළාත් පාලන ආයතන ඡන්ද විමසීමෙන් අනතුරුව ගම් මට්ටමින්  විධිමත් සංවර්ධන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි.

නිකවැරටිය ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් අග්‍රාමාත්‍ය  රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පල කළේය.