අපේක්ෂකයින් 2 ක් ඇතුළු පුද්ගලයින් 33 ක් අත්අඩංගුවට

අපේක්ෂකයින් 2 ක් ඇතුළු පුද්ගලයින් 33 ක් අත්අඩංගුවට

January 21, 2018   06:26 pm



අද පෙරවරු 6.00න් අවසන් වු පැය 24 ක කාලය තුළ පමණක් පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ සිද්ධීන් සම්බන්ධයෙන් අපේක්ෂකයින් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් තිස් තුන් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් නවයකට සහ මැතිවරණ පැමිණිලි 16කට අදාළව මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.

ඒ අනුව පසුගිය 9 වැනිදා සිට මේ දක්වා පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් 84ක් සහ මැතිවරණ පැමිණිලි 191ක් ලෙස සිද්ධීන් 275ක් දිවයිනේ විවිධ පොලිස් ස්ථාන වෙත වාර්තා වී ඇති බව සඳහන්ය.

එම සිද්ධීන්වලට අදාළව  අපේක්ෂකයින් 25 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 238 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මූලස්ථානය සදහන් කළේය.