කෘෂි කර්මාන්තයේ සංවර්ධනයට තායිලන්තයේ සහය

කෘෂි කර්මාන්තයේ සංවර්ධනයට තායිලන්තයේ සහය

January 21, 2018   05:47 pm



මෙරට කෘෂිකර්ම ක්ෂේත්‍රයේ සංවර්ධනය වෙනුවෙන් නව වැඩසටහන් රැසක් ඔස්සේ සහය ලබාදීමට අපේක්ෂා කරන බව තායිලන්ත රජය පවසයි.

අද පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවූ අවස්ථාවේ මෙරට තායිලන්ත තානාපතිනි චූලමනී චට්සුවාන් මහත්මිය මේ බව ප්‍රකාශ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

ජනාධිපතිවරයා තායිලන්ත රජය සමඟ ගොඩනගාගෙන ඇති මිත්‍රශීලී සහ හෘදයාංගම මිතුදම සංකේතවත් කරමින් තායිලන්ත රජුගේ උපදෙස් පරිදි මෙම සහය ශ්‍රී ලංකාවට ලබාදෙන බව තානාපතිනිය එහිදී සඳහන් කර තිබේ.

ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර රාජ්‍යතාන්ත්‍රික  සබඳතා ආරම්භ  කර වසර හැටක් සපිරීම නිමිත්තෙන් තායිලන්ත රජයේ විශේෂ ආරාධනය පරිදි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 2015 වසරේ දී නොවැම්බර් මාසයේ දී එරට සංචාරයක ද නිරත විය.