හමුදාවෙන් ලැබෙන අනුකම්පාව රජයේ නිලධාරීන්ගෙන් ලැබෙන්නේ නෑ

හමුදාවෙන් ලැබෙන අනුකම්පාව රජයේ නිලධාරීන්ගෙන් ලැබෙන්නේ නෑ

January 19, 2018   10:00 am



මුලතිව් කේපාපිලව් පළාතේ සිටි යුද හමුදාව තමන් වෙත දක්වන ලද අනුකම්පාව මුලතිව් රජයේ නිලධාරීන්ගෙන් නොලැබෙන බවට මුලතිව් කේපාපිලව් පළාතේ වැසියෝ චෝදනා කොට සිටිති.

කේපාපිලව් පළාතේ සිටි යුද හමුදා නිලධාරීන් තමන්ගේ ඉල්ලීම මත යුදහමුදාව විසින් පරිහරනය කල ඉඩම් අක්කර 132 ක් නිදහස් කොට පසුගිය දෙසැම්බර් 28 වෙනිදා බාරදෙන ලද නමුත් මුලතිව් රජයේ නිලධාරීන් එම ඉඩම් අයිති ජනතාවට මෙතෙක් කිසිඳු සහනයක් සලසා නැතැයි එම වැසියෝ කියා සිටිති.

යුද හමුදාව විසින් රජයට බාරදෙන ලද ඉඩම් අක්කර 132 න් අක්කර 111 ක ප්‍රමාණයක් මේ වනවිට කේපාපිලව් ජනතාවට ලබා දී ඇතත් එම ඉඩම් සංවර්ධනය කරගැනීම පිණිස රාජ්‍ය නිලධාරීන්ගෙන් මෙතෙක් කිසිම සහයෝගයක් ලැබී නොමැති  බව එම වැසියෝ කියා සිටිති.

තමන්ට ලැබුණු ඉඩම් සංවර්ධනය කිරීම පිණිස වසර පහකට වඩා ගත වන බැවින් රජයෙන් ඩෝසර් යන්ත්‍ර හෝ බැකෝ  යන්ත්‍ර ලබා දී මේ ඉඩම් සියල්ල සංවර්ධනය කොට දෙන මෙන් කේපාපිලව් ජනතාව  ඉල්ලා ඇතත් එය මේ දක්වාම සිදුවී නොමති බව ඔවුන් කියා සිටියි.

තම ඉඩම් වල පිහිටි ළිං යුද හමුදාව විසින් ප්‍රයෝජනයට ගෙන නොතිබීම නිසා ඒවායෙහි ජලය පානය කිරීමට නොහැකි තත්ත්වක පවතින නමුත් එම ළිං පිරිසිදු කොට දීමටවත් මුලතිව් පළාතේ  රාජ්ය නිලධාරීන්ට එතරම් උනන්දුවක් නොමැති බවද කේපාපිලව් වැසියෝ කියා සිටිති.