පාකිස්ථානු හමුදා ප්‍රධානී හා නාවික හමුදාපති අතර හමුවක්

පාකිස්ථානු හමුදා ප්‍රධානී හා නාවික හමුදාපති අතර හමුවක්

January 16, 2018   07:00 pm

තෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින පාකිස්ථානු යුද හමුදා ප්‍රධානී ජනරාල් කමාර් ජවේඩ් බජ්වා මහතා, නාවික හමුදාපති වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා හමුවී තිබේ.

නාවික හමුදා මූලස්ථානයේදී එම හමුව පැවති බව නාවික හමුදාව සඳහන් කළේය.

නාවික සම්ප්‍රදායානුකූලව විශේෂ සම්මාන මුරයක් පිරිනමමින් පාකිස්ථාන නාවික හමුදා ප්‍රධානීවරයා පිළිගෙන තිබේ.

අනතුරුව පාකිස්ථාන නාවික හමුදා ‍ප්‍රධානීවරයා, නාවික හමුදාපති සිරිමෙවන් රණසිංහ මහතා සමඟ සුහද පිළිසදරකද නිරත වූ බව සඳහන් වෙයි.

එම හමුව සනිටුහන් කරමින් දෙපාර්ශවය අතර තිළිණ හුවමාරුවක්ද සිදු වූ බව නාවික හමුදාව සඳහන් කළේය.