යුද හා නාවික ආඥාපතිවරුන් අතර හමුවක්

යුද හා නාවික ආඥාපතිවරුන් අතර හමුවක්

January 13, 2018   07:13 pm

 

යුද හමුදා නැගෙනහිර ආරක්ෂක සේවා මූලස්ථාන ආඥාපතිවරයා  සහ  නැගෙනහිර නාවික විධාන ආඥාපතිවරයා අතර හමුවක් සිදුව තිබේ.

නැගෙනහිර නාවික විධාන මූලස්ථානයේදී එම හමුව සිදු වූ බවයි නාවික හමුදාව සදහන් කළේය.

එහිදී ඔවුන් ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් වන කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බව සඳහන්ය.

එම හමුව සනිටුවන් කරමින් දෙපාර්ශවය අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කළ බවයි නාවික හමුදාව සඳහන් කළේය.