Back to Top

 මේ ඡන්දෙදී විනයක් තියෙන මහජන නියෝජිතයින් ටිකක් පත් කර ගන්න ඕනි

මේ ඡන්දෙදී විනයක් තියෙන මහජන නියෝජිතයින් ටිකක් පත් කර ගන්න ඕනි

January 12, 2018  12:46 pm

Bookmark and Share

සංවර්ධන වැඩපිළිවෙළ කාර්යක්ෂම කර ගැනීම සඳහා විනයක්  සහිත මහජන නියෝජිතයින් පිරිසක් පළාත් පාලන ආයතනවලට තෝරා පත් කර ගත යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

මෙරට දේශපාලන සංස්කෘතියේ පවතින වැරදි නිවැරදි කරමින් වංචාවෙන් දූෂණයෙන් තොර ජනහිතකාමී ගමනකට මුල් පියවර තබන මෙම මැතිවරණයේදී ජනතාව ඉතා වගකීමෙන් තම යුතුකම් ඉටු කළ යුතු බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

හිගුරක්ගොඩ ප්‍රාදේශීය සභාවට තරඟ කරන අපේක්ෂකයින්ගේ ජය තහවුරු කරමින් හිගුරක්ගොඩ ප්‍රදේශයේ පැවැති ජන හමුවක් අමතමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම අදහස් පළ කළේය.