කාකි ඇඳුමත් එක්ක එල්ලුණු බස්නාහිර පළාත් සභා මන්ත්‍රීට ඇප ලැබෙයි

කාකි ඇඳුමත් එක්ක එල්ලුණු බස්නාහිර පළාත් සභා මන්ත්‍රීට ඇප ලැබෙයි

January 12, 2018   12:36 pm


ජනතා විමුක්ති පෙරමුණේ බස්නාහිර පළාත් සභා  මන්ත්‍රී අශෝක රන්වල මහතා ඇප මත මුදාහැර තිබේ.

මහර මහේස්ත්‍රාත් අධිකරණය මඟින් ඔහු රුපියල් 2000ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂය බැඟින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරි  බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.

සපුගස්කන්ද පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාගේ රාජකාරියට බාධා කිරීමේ චෝදනා මත පසුගිය 04 වනදා රාත්‍රීයේ සපුගස්කන්ද පොලීසිය විසින් අශෝක රන්වල මහතා අත්අඩංගුවට ගනු ලැබීය.

මහර අධිකරණයට ඉදිරිපත් කළ ඔහු අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි නියෝග කර තිබුණි.

අදාළ නඩුව යළි පෙබරවාරි මස 16 වනදා කැඳවීමට නියමිතය.

සපුගස්කන්ද පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාගේ රාජකාරියට බාධා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගෙන තිබුණි.

මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහු  පසුගිය දා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස  නියෝග කර තිබුණි.

ගෙවල් බිදුම්වලට සම්බන්ධ බවට සැකපිට සපුගස්කන්ද පොලීසිය විසින්  අත්අඩංගුවට ගත් සැකකරුවෙකු පොලිස් ඇප මත  මුදාහරින ලෙස අශෝක රන්වල මහතා ඉල්ලීමක් කර තිබූ අතර කෙසේවෙතත් පොලීසිය එය ප්‍රතික්ෂේප කර  අධිකරණයට ඉදිරිපත් කළ සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඉන් අනතුරුව සපුගස්කන්ද පොලීසිය වෙත පැමිණ ඇති අශෝක රන්වල මහතා අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාට බැණ තර්ජන කර ඇති බව පොලීසිය සඳහන් කළේය.

ඒ අනුව සපුගස්කන්ද පොලීසිය විසින් ඔහු අත්අඩංගුවට ගෙන තිබුණි.

ජනතා විමුක්ති පෙරමුණු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී අශෝක රන්වල මහතා වෘත්තිය සමිති රැසක සාමාජිකත්වය දරයි.