විනෝදයට රෝහලේ හදිසි අනතුරු සංඥාව ඔබලා - කලබලේට මුර පදෙත් අමතක වෙලා - රෝහල යුද පිටියක් වෙයි

විනෝදයට රෝහලේ හදිසි අනතුරු සංඥාව ඔබලා - කලබලේට මුර පදෙත් අමතක වෙලා - රෝහල යුද පිටියක් වෙයි

January 12, 2018   12:34 pm

 

බදුල්ල මහ රෝහලේ හදිසි අනතුරු සංඥා නලාව (11)  ඊයේ උදේ 10.00 ට පමණ හදිසියේම ක්‍රියාත්මක වීම නිසා රෝහල් කාර්ය මණ්ඩලය , නේවාසිකරෝගීන් හා බාහිර අංශයෙන් ප්‍රතිකාර ලබාගැනීමට පැමිණ සිටි රෝගීන්ද කලබලයට පත්විය .

ශල්‍යාගාරයේ වල සිටි වෛද්‍යවරුන් හා කාර්යමණ්ඩල  පවා එලියට පැමිණ බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය .

රෝහලට පැමිණසිටි  පාසැල් ශිෂ්‍යයින් පිරිසකගෙන් එක්අයෙක් මෙය විනෝදයට ක්‍රියාත්මක කර තිබු බව පසුව  අනාවරණය වී ඇති අතර සංඥානලාව නැවත්වීම සදහා වන දා මුරපදය අමතක වීමනිසා එය නතර කිරීමට කාර්ය මණ්ඩලයට තවත්  කාලයක් ගතවිය .

කෙසේ නමුත්  සෙල්ලක්කාර ශිෂ්‍යාට අවවාද කර ආපසු යැවූ බවද රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය .