A9 අනතුරෙන් අයෙක් මරුට තවත් අයෙකුට තුවාල

A9 අනතුරෙන් අයෙක් මරුට තවත් අයෙකුට තුවාල

January 12, 2018   10:00 am



යාපනය මහනුවර ඒ-9  මාර්ගයේ ඉරණමඩු ප්‍රදේශයේදී 12 දා අළුයම සිදුවූ රිය අනතුරකින් එක් පුද්ගලයෙකු මරුමුවට පත් වී තවත් අයෙකු තුවාල ලබා තිබේ. 

මෙම අනතුර සිදුව ඇත්තේ ලොරියක් ටිපර් රථයක ගැටීම හේතුවෙනි.

භාණ්ඩ පටවා ගෙන ගිය ලොරිය ටිපර් රථයේ ගැටීමෙන් පසුව රියදුරුට ලොරිය පාලනය කරගැනීමට නොහැකිව ලොරිය පාරෙන් ඉවතට පැන තිබේ.

ලොරිය ඇලකට පෙරලීමට ගිය අවස්ථාවේදී ඊට මුක්කු ගසා ලොරිය ඇලට පෙරළීම වළක්වාගෙන තිබේ.

මෙම අනතුරෙන් මරුමුවට පත් වී ඇත්තේ ටිපර් රථයේ රියදුරා වන අතර  තුවාල ලබා ඇත්තේද ටිපර් රථයේ සහායකයාය.

කිලිනොච්චිය පොලීසිය සිද්දිය පිළිබදව පරීක්ෂණ පවත්වාගෙන පවත්වාගෙන යයි.